විමල්, ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පිරිසක් කොමියුනිස්ට් මුලස්ථානයේ හදිසියේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඊයේ (17) පස්වරුවේදී හදිසියේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයී.
මෙම සාකච්ජාව සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා / පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා / අපේ ජනබල පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග හා ටිරාන් අලස් යන මහත්වරුන්ද එක්ව සිටියා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු නියෝජිතයෙකු ඊයේ සාකච්ඡාවට පැමිණ නැත.