උතුරට චීන සමාගම ආ හැටි : ඇමති ගම්මන්පිල

ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි සහ ලංකා අයි.ඕ.සී සමාගමට ද කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම යාපනයේ දූපත් කිහිපයක් චීන සමාගමකට ලබාදුන් බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා අද (18) පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබාදුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“2003දී එ.ජා.පය මේ තෙල් ටැංකි වසර 35කට බදු දුන්නා. විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි ඉන්දියාව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ටැංකි කළමනාකරණයට බහුතර කොටස් අපට හිමිවන ආකාරයට ඉතිරිය ලංකා IOC සමාගමට හිමිවන නව සමාගමකට යෑමට අදහස් කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට පෙර ජනතාව දැනුවත් කරලා ජනතා අදහස් අනුව කටයුතු අවසන් කරනවා.”

මාධ්‍යවේදියා – ඇමතිතුමා යාපනයේ දූපත් ලබාදීමක් සම්බන්ධව මේ දවස්වල වාර්තා වනවා?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – “යාපනයේ දූපතක පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ටෙන්ඩර් කැඳවූවා. ලංසුව අනුව ටෙන්ඩරය හිමිවුණේ චීන සමාගමකට.”