ISIS නව නායකයාට ලංකාව ඇතුළු මධ්‍යම ආසියාවේ මෙහෙයුම් ප්‍රධානී තනතුර ප්‍රකාශයට පත් කර තිබෙන බව PTI පුවත් සේවය වාර්තා කරනවා.

ISIS සංවිධානයේ නව නායකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන ෂිහිබාබ් මුනාජිත්, ශී‍්‍ර ලංකාව ඇතුළු මධ්‍යම ආසියාතික රටවල මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස කි‍්‍රයා කරන බවට එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්ධන ඒකකයේ ප්‍රධාන නිලධාරී ව්ලැද්මීර් වොලොන්කෝ අනතුරු අඟවා ඇති බව PTI පුවත් සේවය වාර්තා කරනවා.

ISIS ත්‍රස්ත තර්ජනය සම්බන්ධයෙන් සිය නවතම වාර්තා ගෙන හැර දක්වමින් ඔහු මේ බව සඳහන් කල බවයි මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන පරිදි ISIS සංවිධානයේ ත‍්‍රස්තයන් 1000 ත් 2200 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට කලාපීය රටවල් පුරා විසිර සිටින බව සඳහන්.