ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට විරෝධය පළ කරමින් මීගමුව කටුවාපිටිය ප්‍රදේශවාසීහු ඊයේ (20) කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙසය.
මෙම විරෝධතාවය අතරතුර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද එම ස්ථානයට පැමිණියේය. එහිදී එහිමියන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි.
“මේකෙන් යම් ආකාරයකට රජය බයවෙලා කියලා සමහර දේවල් එළිකරන්න, ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා අපට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කොමිෂන් සභාවෙන්ම ඉදිරිපත් කරපු විදියටම හැම එකක්ම ප්‍රසිද්ධ කරන්න ඕනෙ. ඒකෙ එකකවත් හංගන්න බෑ, එකක්වත් තෝරන්න බෑ. අපට ඕනෙ මේ වාර්තාව හෙළිදරව් කරන්න. ඒ හැමදෙයක්ම එළිදරව් කරන්න ඕනෙ”
ප්රශ්නය – මේකට සම්බන්ධ සාරා කියන තැනැත්තිය ඉන්දියාවට පළා ගියා කියනවා. ඒකට බයටද මේක හෙළිදරව් වෙන්න දෙන්නෙ නැත්තෙ ?
“අපි දන්නෙ නෑ ඒවා ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා. ඒ නිසා මම කියන්නෙ ආණ්ඩුව මේ ලියවිල්ල එළිදරව් කරන්න ඕනෙ. මේක අපට බාරදෙන්න ඕනෙ. එතකොට අපට ඒ අනුව සුදුසු දේවල් කරනවා”
ප්රශ්නය – ඔබවහන්සේ හිතනවද මේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීම හරහා ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා ?
“මම හිතන්නෙ නෑ එහෙම සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා. මොකද මේකෙන් මම දකින්නෙ යම් යම් කරුණු හංගන්න දරණ උත්සාහයක් හැටියටයි”
ප්රශ්නය – මේකෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැත්නම් හිමිපාණෙනි මොකක්ද ඊළඟ පියවර ?
“අපි කිව්වානෙ අපි ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා. ඒක අපි කරනවා”
පසුව දේවස්ථානය තුළට පැමිණි කාදිනල් හිමියන් ප්‍රදේශවාසීන් වෙත මෙසේ අදහස් දැක්වීය.
“මේක ජනතාවට එළිදරව් කරන්න ඕනෙ. මුද්‍රණය කරලා ඒක බෙදාහරින්න ඕනෙ. ඒක ලොකු දෙයක් නෙවෙයි ඕක බෙදාහරින එක, පළ කරන එක.
අපි බලාපොරොත්තු වෙන්නෙ පිටකොන්ද තියෙන නායකයන්ව. අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකයො, රටේ නායකයො පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියලා මේ කාරණයෙදි. අපට මෙතන මේ පොළවෙ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්නෙ නැතුව ඔළුව පාත්කරන්න සූදානම් නෑ !
රජය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත්නම් අපි වෙනත් ක්‍රියාදාමයකට යන්න සූදානම් ඔබත් සමග. ඒ වගේම අපි ජාත්‍යන්තරව අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා, ඒ සංවිධාන හරහා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න කතා කරන්න අපි ඉදිරිපත් වෙනවා.
මේ කොමිෂන් සභාවට තියෙනවා දඬුවම් කිරීමේ බලතලත්. ඉතිං ඒ දඩූවම් කිරීමේ බලතල පාවිච්චි කරලා, කොමිෂන් සභාව ඔවුන්ගේ වැඩකටයුත්ත දැන් යෝජනා කරා නම් නීතිපති දැන් ඒ කටයුතු කරන්න ඕනෙ. එතන රෙකමෙන්ඩ් කරලා තියෙන දේවල් රෙකමෙන්ඩ් කරලා තියෙන්නෙ ජනාධිපතිතුමාට නෙවෙයි, ඒක රෙකමෙන්ඩ් කරලා තියෙන්නෙ නීතිපතිතුමාට. නීතිපතිතුමා ඒ කටයුතු කරන්න ඕනෙ. නීතිපතිතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනෙ නෑ ඕක.
උගත් විනිශ්චයකාරයෝ, උගත් මිනිස්සු පස්දෙනෙක්ගෙන් සැදුම් ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමදාරුව. ඒක දුන්නෙ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ඨ කරන්න විතරයි, ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ඨ කරන්න විතරයි ඒ කොමිෂන් සභාවෙන් යෝජනා කළේ. ඒ මිසක් ඕලෙවල් පාස් වෙච්ච නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනැයි ?”