මාතර බන්ධනාගාරයේ 27කට කොවිඩ්

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ, එම බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 53 දෙනෙකුට පසුගිය 16 වැනිදා සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමත් සමගය.
ඉන් පිරිසක් ඊයේ (21) රාත්‍රීයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.