2024දී රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් – වජිර

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා පවසයි.

2024 ආණ්ඩු බලය ලබාගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බලපිටිය සහ අම්බලන්ගොඩ එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම් සඳහා පසුගියදා සහභාගී වෙමින් මේ බව සඳහන් කළ අබේවර්ධන මහතා ආණ්ඩුව ලබාගැනීම සඳහා වන සැළසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට  හැකි වනු ඇති බවද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ ඇමතිවරු 2024 දී නව ආණ්ඩුව පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බව ඒ මහතා අනාවරණය කර සිටියේය.

මෙම වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව පාර්ලිමේන්තුවට එවන ලෙස එම ඇමතිවරුන්ගෙන් සහ විපක්ෂයේ ප්‍රභලයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙන බව හෙතෙම පැවසීය.

2024 රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුව ගොඩනැඟීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,000ම ආවරණය වන පරිදි නව දැක්මක් සහ නව දර්ශනයක් සහිත  පුළුල් වැඩපිළිවෙලක් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.