ආදාහනය ගැන අගමැති දුන් පොරොන්දුව ඉටු කරන්නැයි ඉල්ලා කොළඹදී විරෝධතාවයක්

අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු – විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන මැයෙන් ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය අද (23) කොළඹදී විරෝධතාවයක නිරත විය.

ඊට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ “අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ලබාදුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොනවගේ ලැජ්ජාවක් ද මේක. ” යනුවෙනි.