ලක්ෂ 39ක චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්
වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය නැමැති චෝදනාව යටතේ ගොණු කර තිබු නඩුවෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කර තිබේ.
පසුගිය නිදහස් සන්ධාන රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියට අයත් මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුව වෙත එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.