කුඩු කිලෝ 45ක් සමඟ යුධ සෙබළෙක් මාට්ටු
යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් අද (25) උදෑසන සොයාගෙන තිබේ.
අදාළ වෑන් රථය යුද හමුදා රථයක් බවට හැඟවෙන පරිදි අංකයක් ද ප්‍රදර්ශනය කර තිබූ අතර එහි රියදුරු ලෙස ගමන් කළ පුද්ගලයාත් යුද හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අතර ඔහු යුද හමුදාවේ සේවය කරන සෙබෙළෙකු බවට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
වෑන් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය නිලධාරියෙකු බවට අනාවරණය වී ඇත.
පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.