රුපියල් ලක්ෂ 38ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ඊයේ (25) දිනයේදී අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි වෙළෙඳසැළක ඉකුත් 8 වනදා එම කොල්ලකෑම සිදුකර තිබුණි.
ත්‍රිකුණාමලය කෝණේෂ්වරම මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පැමිණි කොල්ලකරුවන් මෙම කොල්ලකෑම සිදුකර බෝට්ටුවෙන්ම පළාගොස් ඇති බවට එහිදී සිදුකර තිබූ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
එම කොල්ලකෑමට අදාළව සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමල පොලීසියට හැකිවිය.
මෙම කොල්ලය මෙහෙයවා ඇති 35 හැවිරිදි සැකකරුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනඅතර ඔහු සතුව තිබූ ජීව අත්බෝම්බයක්, විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ එම උණ්ඩ 6ක් සොයාගෙන තිබේ.
මීට පෙර සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ දැනට අතුරුදහන්ව සිටින අයිස් මංජු නැමැත්තාගේ සහෝදරයෙකු බවට අදාළ සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොල්ලය සඳහා යොදාගත් බෝට්ටුව සහ එහි හිමිකරු ද මේ වනවිට අනාවරණය වී තිබේ.
කොල්ලකා තිබූ ලක්ෂ 38ක වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගය සොයා මේ වනවිට පොලිස් විමර්ශන සිදු කෙරේ.