කොළඹ දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
හෙට දිනෙන් ඇරඹෙන පාසල් නිවාඩුවට රජයේ මෙන්ම ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේද සියලුම උපකාරක පන්ති පැවැත්විම ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් පැවසීය.