සිරියාවට පහරදෙන්න බයිඩන් පාලනය අනුමැතිය ලබාදීලාලු
සිරියාවේ ස්ථාන දෙකක ඉරාන පිටුබලය ලබන මිලිටරි කණ්ඩායම් ඉලක්ක කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ඒ අනුව පත්වූ නව ජනාධිපති ජෝ බයිඩන් විසින් හමුදාමය ප්‍රහාරයක් සඳහා අවසරය ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි.
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිරිබි කියා සිටියේ ජනාධිපති බිඩෙන්ගේ උපදෙස් මත ප්‍රහාරය දියත් වූ බවය. ඇමෙරිකානු හා ඇමෙරිකානු හිතවාදී හමුදාවන්ට මෑත සතිවල එල්ල වූ රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් පමණක් නොව, එම හමුදාවන්ට දිගින් දිගටම එල්ල වන තර්ජන පිටුදැකීමට මෙසේ බලය පාවිච්චි කළ බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් සහ ඇමෙරිකානු හිතවාදී හමුදාවන්ගේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කර මෙම ප්‍රහාරය දියත් කළ බවද කිර්බි කියා සිටියේය.