ජැකලින් මේ දිනවල රාජස්ථාන්වල

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැනඩේස් මේ දිනවල ඉන්දියාවේ රාජස්ථාන් නගරයේ රැඳි සිටින බව වාර්තා වෙයි. ඒ ඇය රංගනයෙන් දායක වීමට නියමිත ෆර්හාඩ් සම්ජිගේ ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. ලැබෙන තොරතුරු වලට අනුව ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපට කණ්ඩායම මාසයක් පුරා රාජස්ථාන් නගරයේ රැඳි සිටින බවය‍.

කලින් නම් කළ ‘බච්චන් පාණ්ඩේ’ නළුනිළි ගොඩට ජැකලින් ඇතුළත් නොවුණ අතර, ඇයගේ එක්විම හදිසියේ සිදුවු බවක් චිත්‍රපට නිෂ්පාදක සජිද් නදිඩ්වාලා පවසයි. ජැකලින් මෙහි ආක්ෂේ කුමාර්ගේ තරුණ කාලයේ පෙම්වතිය ලෙස රංගනයේ යෙදේ. ආක්ෂේ කුමාර් සමග ජැකලින් රංගනයෙන් දායක වෙන දෙවැනි චිත්‍රපටය මෙය වන අතර, මීට පෙර ඔවුන් දෙදෙනා ‘බ්‍රදර්ස්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වි තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!