මෝහන්ලාල්ගේ මිළඟ සැළසුම

අතිශය ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වූ ‘දර්ශිම්’ හි දෙවැනි කොටස පසුගිය පෙබරවාරි  19 වැනිදා  ‘ඇමසන් ප්‍රයිම්’ විඩියෝපටයක් ලෙස අන්තර්ජාලයට නිකුත් කරනු ලැබිය. ‘දර්ශිම්’ පළමු චිත්‍රපටය 2015 වසරේ තිරගත වූ අතර, එය ඉන්දිය රුපියල් කේටි 75ක ආදයමක් උපයාගන්නට සමත් විය.  චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කේටි 5ක මුදලක් වැයව තිබුණ අතර, එය එවකට ඉමහත් ලාභ ලැබු චිත්‍රපටයක් බවටද පත්ව තිබුණි.

මේ නිසාම මෙහි දෙවැන්නද නිර්මාණය කළ අතර, ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරිමට නොහැකි විය. කෙසේ වෙතත්, ‘දර්ශිම්’ දෙවැන්න නිකුත් විමත් සමග එහි ප්‍රධාන චරිතයට පණ පොවන මෝහන්ලාල් පවසන්නේ තමා මෙම චිත්‍රපට මාලාවේ තුන්වැන්නටද මේ වනවිට සූදානම් වන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!