පැය 4ක මෙහෙයුමකින් සැකකරුවන් 3,871ක් අත්අඩංගුවට

පැය 04ක කාලයක් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 25 වනදා පස්වරු 06.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
එහිදී වරෙන්තුකරුවන් 1,430 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 562 දෙනෙකු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 1,108 දෙනෙකු, ගිනිඅවි සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව එම මෙහෙයුමේදී බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් නඩු 607ක්, රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නඩු 146ක් සහ තවත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 6,173ක් පැවැරීමට කටයුතු කළ බව අජිත් රෝහණ මහතා පැවසුවේය.