පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යයනයට සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට සමගි ජන බලවේගය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ඊයේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.
අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා.
එමෙන්ම, අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවද සමගි ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර, සමගි ජනබලවේගයේ පළමු සංවත්සරය ලබන මාර්තු මස 15 වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එදින පස්වරු 2 ට කොළඹ – හයිඩ්පිටියේදී එම සංවත්සර උත්සවය පැවැත්වෙන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඊයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බවද මන්ත්‍රීවරයා කියා සිටියා.