දිපිකා පදුකෝන් දුෂ්ඨ චරිතයකට
බොලිවුඩ් සිනමාව තුළ සිටින අංක එකේ නිළිය වන දිපිකා පදුකෝට මේ වනවිට දුර්ලභ චරිතයක් රඟපෑමට අවස්ථවක් ලැබී ඇත. ඒ ඉදිරියේදී යශ් රාජ් චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති ‘ඩූම්’ සිවුවැනි චිත්‍රපටය සඳහාය.
දිපිකා මෙම චිත්‍රපටයේදි කළු චරිතයක් නිරූපණය කරන අතර, චිත්‍රපටයක ඇය විසින් දුෂ්ඨ චරිතයක් නිරූපණය කරන පළමු වතාව ලෙස මෙම අවස්ථාව ඉතිහාසයට එක් වෙයි. ‘ ඩුම්’ පළමුවැන්නේ ජෝන් ඒබ්‍ර්හිම්ද, දෙවැන්නේ රිතික් රෝෂන්ද, තුන්වැන්නේ අමිර් ඛාන්ද දුෂ්ඨ චරිත සඳහා රංගනයෙන් දායක වි තිබුණී.