වියළි කාලගුණයත් සමඟ ජලාශයෙන් මතු වූ අතීත උරුමය
කොළොම්පුර ජනතාවගේ ජල අවශ්‍යතාවන් සම්පූර්ණ කරනු ලබන්නේ ලබුගම හා කළටුවාව ජලාශවලින් සැපයෙන ජලය හරහායි.
මේ දිනවල දිවයිනට බලපා ඇති වියලි කාලගුණයත් සමඟ කලටුවාව ජලාශය ඉදි කිරීමේදී වැසී ගිය ගොඩනැගිලි, මාර්ග ආදියෙහි නටඹුන් වසර 8කට පසුව මතුව තිබෙනවා.
දුරාතිතයේදී පානීය ජල යෝජනා ක්‍රමයක් නොතිබුණු කොළොම්පුර ජනතාව තම ජල අවශ්‍යතාව සපුරාගත්තේ කොළඹ පිහිටි ළිං තුළින්.
නමුත් ජනගහනය වැඩිවීමත් මුහුද ආසන්නයේ පිහිටි ළිංවල ලවණ සාන්ද්‍රණයත් නිසා විකල්ප පානීය ජල යෝජනා ක්‍රමයක් පිළිබඳව අවධානය යොමුකරන්නට බලධාරීන්ට සිදුවුණා.
යටත් විජිත සමයේ එංගලන්තයේ 7 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළදි වේල්ස් කුමරුගේ යෝජනාවකට අනුව ලබුගම ජලාශය බිහිවන්නේ මෙම අවශ්‍යතාවට පිලියමක් ලෙසින්.
කොළඹින් කිලෝ මීටර් 39 ක් දුරින් පිහිටි මනරම් කදුවළල්ලකින් වටවූ ලබුගම ග්‍රාමයේදී මෙම ජලාශය ඉදි කෙරෙන්නේ කැලණි ගඟට ගලා බසින ඔය හරස් කර පස් වලින් නිර්මාණය වූ වේල්ලක් හරහායි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ කලටුවාව හා ලබුගම ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත බැස තිබෙනවා.
කලටුවාව ජලාශය ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමඟ කොළඹ රත්නපුර පැරණි ප්‍රධාන මාර්ගයත් , ඒ අවට ඉපැරණි ගොඩනැගිලි නටඹුන් ආදියත් මතුව ඇත්තේ යටගිය අතීතය නැවත විදහා දක්වමින්.