වැලිකඩින් යළි ජංගම දුරකථන මතුවේ

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් සොයා ගෙන තිබෙනවා.

එම සෝදිසියේදී ජංගම දුරකථන බැටරි හා චාජර් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේදී කොළඹ අවට සෙසු බන්ධනාගාර වල ද සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!