දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කළ හැකියි

දහම් පාසල් අධ්‍යාපනයක් ලබාදීම තුළින් දරුවන් යහපත් පුරවැසියන් බවට පත්කළ හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවෙකුගේ දහම් ළැඳියාව ඇති කිරීම තුළින් සමාජයේ හික්මීමක් ඇති වන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බළමණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කළ හැකියි කියන විශ්වාසය අපට තියෙනවා. හිරගෙවල්වල පිරිලා ඉන්න වැඩි දෙනෙක් දහම්පාසලකටවත් ගියපු නැති අය. දහම් පාසලකට ගියාට පස්සේ ඇති වෙන හික්මීම තුළින් හා ළමයෙක් දහමට ළැඳි බව තුළින් සමාජයේ හික්මීමක් ඇති වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ තුළින් තමයි පැහැදිලි සමාජයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ආගමට ළැඳි ජනතාවක් ගොඩනගනවා නම් ඒ දිස්ත්‍රික්කය හා පළාත යහමඟට ගෙනඑන්න පුළුවන්කම තියෙනවා. හැම ආගමක කටයුතු සඳහා ජනතාව යොමුකිරීම තුළ අපරාධ අඩු කරන්න හා සිරගෙවල් පිරිම නතර වෙයි කියලා අපි විශ්වාස කරනවා.“