සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් දැමුණු අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හෙට ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
දිවයින පුරා මධ්‍යස්ථාන 4513කදී ආරම්භ වන විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයන් සඛ්‍යාව හයලක්ෂ 22,352ක්.
එමෙන්ම විභාගයට පෙනී සිටින යම් සිසුවෙකු ආසාදිත බවට තහවුරු වුවහොත් ඒ සදහා පෙර සූදානමක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් අතිරේක විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 10 වන දා දක්වා පැවැත්වෙන අතර විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද සිදුකෙරුණා.
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් චෝදනා කළේ සෞඛ්‍යාරක්ෂිතව විභාගය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව ලබාදී නොමැති බවටයි.