කොවිඩ් ආසාදිත සිසුන් 38ක් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොවිඩ් ආසාදිත සිසුන් 38 දෙනෙක් පෙනී සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

මේ අතර රෝගී තත්ත්වයට පත්වන දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් ස්ථාපිත කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (01) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විභාග පවත්වන්න උත්සාහ කරපු හැම වෙලාවෙ ම අසුබවාදී විදියට බලපු අය හිටියා. ඒ අයට මේ සියල්ල අසුබවාදී දේවල්. නමුත් දෙමාපියන්, දරුවන් අපෙන් ඉල්ලා සිටියේ, විභාග පවත්වන්නට. දරුවන්ට පාසල් ආරම්භ කරන්නට. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසට. ජනතාවගේ ලොකු ප්‍රසාදයක් අපේ රජයට මේ නිසා තිබෙනවා. උසස් පෙළ දරුවන් 362,000කට උසස් පෙළ සාර්ථක ව අපි නිමා කළා. මේ සියල්ලට විරුද්ධව කතා කරපු අය සිටියා. නමුත් ජනතාව සහ දෙමාපියන් අපි සමඟ සිටියා. උසස් පෙළ වාගේ ම සාමාන්‍ය පෙළත් සාර්ථක කරගන්නට අපිට පුළුවන්.“