ඇ. ඩොලර් මිලියන 180ක චීන බැංකුවකින් යළි ණයක්!

චීනයේ බීජිංහි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය කොවිඩ් -19 හදිසි හා අර්බුද ප්‍රතිචාර පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 180ක (රුපියල් කෝටි 3510ක) ණයක් නිකුත් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
පසුගිය සිකුරාදා AIIB බැංකුවේ උප සභාපති ආචාර්ය ඩී. ජේ. පාණ්ඩියන් මහතා සමග පැවති සාකච්ඡාවකදී චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන වෙත මෙම තීරණය දැනුම්දී ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලෝ චොන්ග් මහතා මාධ්‍යවෙත අනාවරණය කර ඇත.
මෙම ණය අනුමැතිය පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල වෙත තානාපති කාර්යාලය විසින් දැනුම්දී ඇති අතර ණය මුදල ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා බෙදාහැරීමට නියමිතය.