යාපනයට ගිය ඇඟලුම් සේවිකාවටත් කොරෝනා: යාපනයේ 114කට PCR පරීක්ෂණ
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව යාපනය ශික්ෂණ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පවසයි.
ඔහු පැවසුවේ, ඇය මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවය.
කෙසේ වෙතත් අදාළ සේවිකාව සමග යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අනෙක් සේවිකාවට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණය හරහා තහවුරු වී ඇති බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, කොරෝනා ආසාදිත සේවිකාවගේ නිවසේ සාමාජිකයන් හා අනෙක් සේවිකාවගේ නිවසේ සාමාජිකයන් 19 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
ආසාදිත සේවිකාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
මේ අතර යාපනය ප්‍රදේශය තුළ 114 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා ලක් කර ඇත.
මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ.