කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 48 දෙනෙකු හබරාදූවට

දිවුලපිටිය ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 48 දෙනෙකු හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද් සිරිවර්ධන මහතා පවසයි.

ඔවුන් සියලු දෙනා අද (05) දින PCR පරීක්ෂාවට ලක් කරන අතර එම සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙලෙස පරීක්ෂාවට ලක් කෙරෙන්නේ ආසාදිත ඇගලුම් සේවිකාව සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් පිරිසක් සහ ඇය ප්‍රතිකාර ගනු ලැබූ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකි.