තරුණිය ඝාතනයට සැක පොලිස් SI ලියූ ලිපිය එළියට

තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය සඳුදා වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.

මෙම මළ සිරුර වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඒ.එම්. පේමසිරි නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඔහුගේ මළ සිරුර අද උදෑසන හමුවූයේ නිවස ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදීයි.

ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් ලිපියේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් ඉන් තමාට කරදර රැසකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කර තිබුණා.

එමෙන්ම තමා අතින් වැරදි රැසක් සිදුවූ බවත් ඒ සියල්ල ගැන තමා කණගාටුවන බවත් බිරිඳට ලියා තිබූ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්…

අම්මාට…
මට සමාවෙන්න, මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහේ වැඩ කළත් මම ඒක දුන්නේ පවුලට. එය එසේ වෙද්දී, SI අංකල්, SI අංකල් කිය කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ළං වුණා. එයා දැන ගත්තා මගේ ළමයින්ට මං කොච්චර ද ආදරේ කියලා. මුලදී ලොකුවට නොවුණට පසුව ඒ ළමයටත් මගේ දරුවෙකුට වගේම සලකන්න කීවා. එය එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටත් එක්ක බණින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්දේ කීවා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ, කේන්තිය ගෑණියක හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියේ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයා ගන්නකම් ඔයාලට පොලිසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කර ගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නේ නෑ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැණියක් කියලා. මං දන්නේ නැහැ. ලෝකේ ගැන නොදැන නෙවෙයි මම මේකට පැටලුණේ. ඒත් දැන් ඉතිරි වෙලා නෑ කිසිදෙයක්. ඔයා හිතෙන් විඳපු වේදනා මම මගේ ජීවිතෙන්ම විදිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලා ගන්න කෙනෙකුත් ඇති. අවුරුදු ගණන් හිරබත් ගන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා. ඒකයි ලෝකේ ධර්මය. දැනටමත් මාව CID එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වය කියන්න.. කාලයක් තිස්සේ වුන දේ…. ආදරේ කිය කියා ඉඳලා වෛර කළා. මට සමාවෙන්න. තෙරුවන් සරණයි.
දුර ගමනක් යනවා. බුදුසරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි.
මොන තරම් නින්දා අපහාස ආවත් මහ මෙරක් වගේ උසුලගෙන දරුවෝ එක්ක ඉන්න. අම්මාගේ තුන්මාසේ දානේ කරන්න මට එන්න බැරිවෙයි.
ප්‍රේමේ