ජපානයේ සුපිරි ධනවතෙකුගෙන්, සඳ වටා සවාරියක් යන්න ආරාධනයක්, අයදුම් පත්‍රයකුත් එළියට එයි – සංචාරය නොමිලේ!
මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්”
පානයේ ප්‍රකෝටිපති යුසාකු මෙෂාවා (Yusaku Maezawa) සඳවට චාරිකාවක් සඳහා මහජනයාට ආරාධනා කරයි. ඒ සඳහා ඉඩ ඇත්තේ අටදෙනකුට පමණි.
යුසාකු මෙම සඳවට චාරිකාවේ නිරතවන්නේ ඊලොන් මස්ක් ගේ ‘SpaceX’ අභ්‍යවකාශ යානයකිනි.
”සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා” ට්විටර් පණිවුඩයක් මගින් යුසාකු මහජනයාට දැනුම් දෙයි. ඒ සඳහා අයැදුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පළකරනු ලැබ ඇත.
මෙය සහමුළින්ම නොමිලේ ලැබෙන චන්ද්‍ර චාරිකාවකි. සියලු බරපැන දරනු ලබන්නේ යුසාකු විසිනි.
මෙම චන්ද්‍ර චාරිකාව ”ආදරණීය සඳ” යන තේරුම දෙන ‘dearMoon’ ලෙස නම්කරනු ලැබ ඇත. චාරිකාව ක්‍රියාත්මක කෙරෙන්නේ 2023 වසරේදීය.
යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව සිදුකෙරෙන පළමු චන්ද්‍රිකා චාරිකාව වනු ඇත.
මෙම සඳවට චාරිකාව සඳහා හවුල්වීමට අපේක්ෂාකරන අභ්‍යවකාශ මගීන් විසින් සපුරාලිය යුතු නිර්නායක දෙකකි.
ඉන් පළමුවැන්න; ‘SpaceX’ මගීන් සිය සෙසු ගමන් සගයන්ට ඕනෑම මට්ටමක උපකාරයක් සිදුකිරීමට ඉදිරිපත්විය යුතුය. දෙවැන්න; සමාන අපේක්‍ෂා හුවමාරුකර ගනු ලබන යානයේ කාර්යමණ්ඩලයට සහයෝගය දීමට කැමැතිවිය යුතුය.
”මම සියලුම ආසන මුදල්ගෙවා වෙන්කර ගත්තා. මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්” යුසාකු පවසයි.
සඳවට සවාරිය සඳහා ආරාධනා කරන යුසාකු මෝස්තර ව්‍යාපාරයක් හිමි ධන කුවේරයෙකි. එපමණක් නොව, ඔහු කලා කෘතීන් එක්රැස් කරන්නකු ද වෙයි. ඔහුගේ පළමු සැලසුම වී තිබුණේ ”කලාකරුවන්”පිරිසකට ‘Starship’ අභ්‍යවකාශ රොකට් චාරිකාව සඳහා ආරාධනා කිරීමය.එහෙත් පසුව එම සැලසුම වෙනස්කර තිබෙන්නේ ලෝකය පුරා මිනිසුන්ට ඊට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමේ අදහසිනි.
”ඔබ ඔබ තුළ කලාකරුවෙක් යයි හඟින්නේ නම්, ඔබ කලාකරුවෙක්” යුසාකු මෙෂාවා (Yusaku Maezawa)පැවසීය.
යුසාකු පසුගිය වසරේ අභ්‍යවකාශ චාරිකාවක් සඳහා අලුත් මිතුරියක් සොයාගැනීමේ අටියෙන් තොරතුරු වාර්තාවක් පළකර තිබුණි. එහෙත් ‘මිශ්‍ර හැඟීම්’ හේතුවෙන් එම සංචාරය පසුව අවලංගු කරනු ලැබුණි.
2018 වසරේ දී ඊලෝන් මස්ක්ගේ අයිතිය සහිත සමාගම ‘SpaceX’ සඳවට සවාරියේ පළමු මගියා ලෙස යුසාකු නම්කරනු ලැබ තිබුණි.
එහෙත් ඔහු එම චාරිකාව වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල අනාවරණය කොට නැත. කෙසේවුවද, එය විශාල මුදලක් බව දැනගන්නට ලැබෙයි.
යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව කෙරෙන පළමු චන්ද්‍ර චාරිකාව වනු ඇත.
සම්පූර්ණ උපුටා ගැනීම…
BBC සිංහල….