“..ඌ මගේ ගෑනිගේ අසභ්‍ය ෆොටෝ එව්වා…”- පහමුණේදී, මෝටර් රථයෙන් ඇවිත් යතුරු පැදි දෙකක් යට කර, පුද්ගලයෙකු කපා කොටා මරා දැමූ සාහසිකයා පොලිසියට කියපු ඇඟ හිරිවැටෙන කතාව මෙන්න

කුරුණෑගල පහමුණේ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරුපැදිකරුවෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කළා.

මෙම ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසියට බාර වූ බවද පොලිසිය සඳහන් කළා.

 

තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාර වූ පුද්ගලයා සඳහන් කර තිබෙනවා.

කලක සිට තිබූ ආරවුලක් හේතුවෙන් ගැටුම ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට හා යතුරුපැදි වලින් පැමිණි අය හැකි නම් හමුවන ලෙසට එකිනෙකාට අභියෝග කරගෙන ඇති අවස්ථාවක ඊයේ සවස හතරයි තිහට පමණ රඹාවැව, නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේදී එකිනෙකා හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ දී මෝටර් රියේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යට කර තමා සමඟ ආරවුල ඇති පුද්ගලයා කපා කොටා මරා දමා ඇති බව සඳහන්. යතුරුපැදිවල පැමිණි තවත් දෙදෙනෙක් පලාගොස් තිබෙනවා.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුණේ පදිංචි වයස අවුරුදු 35ක අයෙකු වන අතර මියගොස් ඇති ඇත්තේ වයස අවුරුදු 39ක කිළින්පොළ පදිංචිකරුවෙක්..

කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය හා මළසිරුර පරීක්ෂ කර බලා සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යැවීමටත් පොලිසියට නියෝග කළා.

මියගිය පුද්ගලයාගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ