අජේ දේව්ගන්ට ආරාධිත චරිතයක්

මේ වසරේ ජූලී මාසයේදි ප්‍රදර්ශනය වීමට නියමිත සංජය ලීලා බන්සාලිගේ ‘ගංගාදේවී කතියාවාදි’ චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කිරිමට අජේ දේව්ගන්ට ආරාධනා කර ඇත. මේ දිනවල ඔහු ඊට සම්බන්ධව සිටින අතර, ඔහු සමග චිත්‍රපට කිහිපයකම රඟපෑ එම්රාන් හෂිම්ද මෙම චිත්‍රපටයේ ආරාධිත චරිතයකට සම්බන්ධව සිටියි.

අජේ දේව්ගන් මීට පෙර සංජය ලීලා බන්සාලි 1997 වසරේ නිර්මාණය කළ ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වි තිබුණි. එහි කළ රංගනය නිසා අජේට 1998 වසරේ පැවැති ඉන්දීය සිනමා උළෙලයන් කිහිපයකදිම හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමටද හැකි විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!