අමාත්‍ය උදය ගම්මන්පිල මාලදිවයිනට ඉන්ධන සපයන්න සැලසුම් කරයි

පිරිපහදු කරන ලද පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන, නැව් ඉන්ධන සහ ගෑස් මාලදිවයින වෙත සැපයීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා හා මාලදිවයින් තානාපතිවරයා අතර සාකච්ඡා වී තිබේ.

බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ බව සාකච්ඡා කර ඇතිි බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේ වැඩසටහනේදී මෙය තවත් වැදගත් සන්ධිස්ථානයක් බව එහිදී සඳහන් කර තිබේ.