”අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට යළි ඉල්ලීම් එපා”

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට 2021 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කිරීම 2021 පෙබරවාරි 28 වන දායින් අවසන් කර තිබේ.

ඒ හේතුවෙන් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මගින් බලපෑම් සිදුකිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දැනුම් දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!