ලංවිම සතු ඉඩම් කිහිපයක් පදිංචිකරුවන්ට දෙනවා ලු
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉඩම්වල ස්ථාපනය කර ඇති විදුලිපුර විද්‍යාලයේ සහ ආරෝග්‍ය ශාලා දෙකක නීත්‍යනුකූල ඉඩම් හිමිකම් අදාළ ආයතන වෙත පවරා දීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, ලක්ෂපාන බලාගාරය සහ ජලාශය ආශ්‍රිතව ලංකා විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ලබා දිය හැකි විසඳුම් පිළිබඳව පසුගිය දා විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේ දී ය.
ලක්ෂපාන බලාගාරය සහ ඊට අයත් ආශ්‍රිතව පවුල් 350ක් පමණ මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම්වල ජීවත් වන බවත් ඔවුන් වගාවන් පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, එම ඉඩම් පිළිබඳව සොයා බලා, බලාගාරයට හෝ ජලාශයට හානියක් නොවන ආකරයේ ඉඩම් අදාළ පදිංචිකරුවන් වෙත නීත්‍යනුකූලව ම පවරා දීමට කටයුතු කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබේ.
“මෙම ඉඩම්වල නීත්‍යානූකූල හිමිකම් තවමත් ලංකා විදුලිබල මණ්ඩලය සතුයි. වසර 80 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජනතාව පදිංචි වී සිටින මෙම ඉඩම් පිළිබඳව සොයා බලා, බලාගාරයට හෝ ජලාශයට හානියක් නොවන ආකාරයේ ඉඩම්, අදාළ පදිංචිකරුවන් වෙත නීත්‍යානුකූලව ම පවරාදීමට කටයුතු කරනවා.
ඒ වගේ ම බලාගාරය ඉදිකරන අවස්ථාවේ ඒ වෙනුවෙන් සිය ඉඩම් අහිමි වූවන් ප්රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානයේ, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඉඩම් වල ස්ථාපිත විදුලිපුර විද්‍යාලයේ සහ ආරෝග්‍ය ශාලා දෙකක නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ද අදාළ ආයතන වෙත පවරාදීමට කටයුතු කරනවා.”
මෙම සාකච්ඡාවට සහභාගී වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එහිදී අදහස් දක්වා තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ, මේ වන විට බලාගාරය හා ජලාශය අවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතුවලට අනුව රක්ෂිත ප්රදේශයන්ගේ ද වාසස්ථාන ඉදිකිරීම් සිදුවී ඇති බවත් එයින් සමහරක් ඉදිකිරීම් හේතුවෙන් ජලාශයට මෙන් ම බලාගාරයට යම් යම් බලපෑම් ඇතිවිය හැකි බවත් ය.
එබැවින් එවැනි ස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු නොකළයුතු බවට ඔවුන් අවධාරණය කර තිබේ.
ඒ අනුව, එම අනවසර ඉදිකිරීම් පිළිබදව කඩිනම් අධ්‍යයනයක් සිදුකර, පවරා දිය හැකි තත්ත්වයේ පවතින ඉඩම්වල හිමිකාරීත්වය එම ඉදිකිරීම් හිමිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මාස 3ක කාලයක් ඇතුළත අදාළ මැනුම් කටයුතු සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ද මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අමාත්‍යවරයා දැනුම් දී ඇත.
එසේ ම, ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය පාරම්පරික ඉඩම් හිමිකාරීත්වය අහිමි වූ මෙම ජනතාව වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.