කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 4000 ඉක්මවයි
සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට 4000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ, මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමගිනි.
ඒ අනුව මේ දක්වා හමු වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 4118 කි.
අද දිනයේදී ආසාදිතයන් 605 දෙනෙකු හඳුනා ගත් අතර ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 101 කි. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් හමු වූ ආසාදිතයන් වේ. එම පොකුරෙන් මෙතෙක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ගණන 708 කි.
මේ වනවිට ආසාදිතයන් 839 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඊට අමතරව කොවිඩ් බවට සැකසහිත රෝගීන් 140 ක් ද රෝහල්ගතව සිටී.