ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය පයාගලින් පැය 5ක් වැසේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10 සිට හෙට අලුයම 3 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය අසල කොටස තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන් අදාල කාලසීමාව තුලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා කටුකුරුන්ද හන්දියෙන් මතුගම මාර්ගය හරහා වැලිපැන්න මාර්ගය ඔස්සේ අලුත්ගම දක්වා ගමන් කර ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.

සැහැල්ලු වාහන සහ යතුරුපැදි දකුණු පයාගල – දලුවත්ත හන්දියෙන් මහගම්මැද්ද පාර ඔස්සේ යටදොළ මාර්ගයට පිවිස අනතුරුව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.