මැණික් ගඟේ වැලි ගොඩ දමන්නන්ට නීතිය දැඩි වෙයි

කතරගම මැණික් ගඟේ වැලි ගොඩ දැමීමේ සහ සේදීමේ නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පොලීසියට උපදෙස් ලබා තීබෙනවා.

ඒ ලබන 22 වනදා මැණික් ගඟෙන් ආරම්භවීමට නියමිත සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමයේ අද පැවති සාකච්ඡාවකදීයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට සමගාමීව කතරගම පූජා භූමිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.