පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම අපේ වගකීමක් – ජනපති

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියර අද පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

ඊට සහභාගීවීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක ද නිරත විය.

අනතුරුව, මාදුරාගම ක්‍රිඩාපිටියට පැමිණි ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේ, “ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මේ සිද්ධියට අපේ රජය වගකිවයුතුයි කියන අභූත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට දඬුවම් දෙන එක, ඒක අපේ රජයේ සහ ඒක අපේ වගකීම. ඒක නිසියාකාරව කරනවා. අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා තියෙනවා.” යනුවෙනි.