මිතුරන් සිව්දෙනෙක් ගිය යතුරුපැදිය ට්‍රැක්ටරයක හැපෙයි

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු යතුරුපැදි අනතුරකින් මියගොස් ඇත.

මිතුරන් 4 දෙනෙකු සමඟ එකම යතුරුපැදියක අනාරක්ෂිත ලෙස ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරෙන් මියගොස් ඇත්තේ ඉෂාන් සාලිංග නැමැති බූස්ස රේජ්ජිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තෙලිකඩ ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබේ.

යතුරුපැදිය ට්‍රැක්ටර් රථයේ ගැටීමෙන් අනතුරුව අසල තිබූ විදුලි කණුවක ද ගැටී ඇත.

සිද්ධියෙන් අනෙක් සිසුන්ට අනතුරක් සිදු වී නොමැත.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙනඇති බවය.