රජයේ ඉඩම්වල සිටින ජනතාවට දීමනා පත්‍ර

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ආරම්භකර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම වැඩසටහන ආරම්භ කෙරුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වැඩසටහන සංඛේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වනපරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරුණි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ,

“සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමේ. 

මේ වැඩසටහන ගොවිතැනින් ජීවත්වන අඩු ආදායම් ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. 

ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩිකර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි. 

දීමනා පත්‍ර ලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදාගත හැකිය. 

ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවීම ඉඩම් ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ. 

ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍ර සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. 

එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍ර ලාභීන්ට හිමි වෙයි.