දියා මිර්සාගේ විවාහය

නිරූපිකාවක, නිළියක, චිත්‍රපටි නිෂ්පාදිකාවක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන දියා මිර්සා සහ ඇගේ ව්‍යාපාරික පෙම්වතා වයිභාව් රේඛි අතර විවාහ මංගල්‍යය පසු ගිය දා බන්ද්‍රාහි ඇගේ නිවසේ උද්‍යාන කොටසේදී පැවැත්විණි. එයට සහභාගි වූයේ සමීප ඥාතීන් සහ මිතුරුමිතුරියන් පමණකි. රතු සාරියකින් සැරසී රතු වේලයකින් හිස වසාගෙන සිටි මනාලිය ඉතාමත් සුන්දර වූවාය. මනාලයා සුදු කුර්තා ඇඳුමකින් සැරසී, ලා දුඹුරු පැහැ තලප්පාවක් පැළඳ සිටියේය. මංගල උත්සවයෙන් අනතුරුව පිටත රැඳී සිටි පැපරාසි ඡායාරූප ශිල්පීන් වෙත ගිය දියා ඔවුන්ට ආචාර කර රස කැවිලි ද බෙදා දුන්නාය.
මේ 39 හැවිරිදි දියා මිර්සාගේ දෙවන විවාහයයි. මින් පෙර ඇය විවාහ වී සිටියේ සහිල් සංහා සමඟය. දීර්ඝ කාලීන පෙම් සබඳතාවකින් පසු 2014 දී විවාහ වුවත් ඔවුහු 2019 දී එකිනෙකාගෙන් වෙන් වූහ. එම වෙන් වීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ඔවුන් කියා සිටියේ තමන් සුහදව වෙන් වූ බවත් ඉදිරියටත් මිතුරන් මෙන් පවතින බවත්ය.
දියාගේ සැබෑ පියා ජර්මන් ජාතික ප්රෑන්ක් හැන්ඞ්රිච්ය. ඇගේ මව දීපාය. ඇය සිව් හැවිරිදිව සිටියදී මවත් පියාත් දික්කසාද වූහ. ඉනික්බිති මව විවාහ වූයේ අහමඞ් මිර්සා සමඟය. දියා ඒ වාසගම භාවිතා කරන්නට පටන් ගත්තාය. සුළු පියා මුස්ලිම් වුවත් ඇය එම ආගමට ගියේ නැත. ඇය දිගටම හින්දු ආගමේම රැඳී සිටියාය. ඇගේ ්සුළු පියා 2003 දී මිය ගියේය.
2000 දී ෆෙමිනා රූ රැජින තරඟයේ දෙවැනි ස්ථානයත්, ආසියා පැසිෆික් රූ රැජින කිරුළත් දිනු දියා බොලිවුඩයට පා තැබුවේ රැහැනා හෑ තෙරේ දිල් මෑ චිත්‍රපටියේ රඟ පාමිනි.