ක්‍රිති සැනොන් සුවෙන්

බොලිවුඞ්වාසීන් බොහෝ දෙනෙක් ද කොවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් පීඩාවට පත් වූහ. ක්‍රිති සැනොන් ද ඒ අතරින් අයෙකි. ඇයට රෝගය වැළඳුණේ රාජ් කුමාර් රාඕ සමඟ රඟ පාන චිත්‍රපටියක රූගත කිරීම් අවසන් කර චන්දිගාර් සිට ආපසු පැමිණියාට පසුවය.

“දෙසැම්බර් මාසෙ තමයි දැන ගන්න ලැබුණේ මට කොවිඞ් වැළඳිලා කියලා.. ඇත්තටම මට කියන්න තරම් ලොකු අමාරුවක් තිබ්බෙ නෑ.. ඒත් මම වෛද්‍ය උපදෙස් ඒ විදියටම පිළිපැද්දා.. වෛද්‍යවරු නියම කරපු විටමින් වර්ගවලට අමතරව ඉඟුරු වතුර වගේ දේවල් බිව්වා.. හොඳට දුම් ඇල්ලුවා.. දැන් මම හොඳටම සුවෙන්..” ක්‍රිති පැවසුවාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට ඇය බච්චන් පාණ්ඬේ චිත්‍රපටියේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය.