රන්ජන් ඇද වැටෙයි

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) දින පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණි.

ඒ මන්ත්‍රීවරයාට විසින් පුවත්වතකට එරෙහිව ගොනුකර තිබු පැමිණිල්ලක සාක්ෂි විමසීම සඳහා ය.

අද සවස 1.30ට පමණ රන්ජන් රාමනායක මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කාසල් වීදියේ පිහිටි පුවත්පත් මණ්ඩලය වෙත රැගෙන විත් තිබුණි.

පසුව එම ස්ථානයෙන් පිටත්ව යන අතරතුර රන්ජන් රාමනායක මහතා බිම ඇදවැටුණු අතර, පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව බස්රථයට නංවාගෙන පිටව ගියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!