මව් පදවියට සූදානම් වන බොලිවූඩයේ ගී රැජින

ලතා මන්ගෙෂ්කාර්ට පසු බොලිවූඩයේ වඩාත්ම කැපීවෙනුන ගායිකාව වන්නට හැකිවූනේ ශ්‍රියා ගෝශාල්ටයි. මේ වන විට බොලිවූඩයේ සිටින ජනප්‍රියම මෙන්ම වැඩිම ඉල්ලුමක් සහිත ගායිකාව ලෙසත් ශ්‍රියා ගෝශාල් හදුන්වන්න පුළුවන්. වඩාත් කාර්‍යබහුල ගායිකාවක් වන ඇය පිළිබඳ අලුත්ම පුවතක් බොලිවූඩයෙන් වාර්ථාවනවා. ඒ ඇය මව් පදවියට සූදානම් වන පුවත‍යි. ගෙවුනු වසර තුල බොලිවූඩයේ කාර්‍යබහුල රංගනශිල්පීන් මෙන්ම ගායක ගායිකාවන්ද සිය විවාහය මෙන්ම මව් පදවියද සාර්ථකව අත්පත්කරගත් බව අසන්න ලැබුණා. ඒ අතර බොලිවූඩයේ සුපිරි නිලියන් වන කරීනා කපූර් හා අනුශ්කා ශර්මාගේ මව් පදවියලැබීමේ පුවත ඉතා ඉක්මනින් වඩාත් ජනප්‍රිය පුවත් බවට පත්වුනා.

ශ්‍රියා ගෝශාල් හා ශිලාදිත්‍යා මුඛෝපාධ්‍යායා සමග විවහ වන්නේ 2015 වසරේදීයි. 2015 වසරේ සිටම ඇගේ රසිකයන් ඇයගේ පවුලට අලුත් සමාජිකයෙකු බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින් පවසා තිබුණේ ඇගේ කාර්‍යබහුල ජීවිතය නිසා අලුත් සාමාජිකයෙකුගේ බලාපොරොත්තුව දිනෙන් දින ප්‍රමාද වන බවයි. කෙසේ වෙතත් පසුගිය දා ඇයවිසින් ඇයගේ සමාජමාධ්‍ය ගිනුම් හරහා ඇය මව් පදවියට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. ඇයගේ නිවසේ සදලු තලය මත නිල් පැහැ දීප්තිමත් ඇදුමක් සමග හිරු කිරණ ඇයට පතිත වනසේ ලාබාගෙන තිබූ ඡායාරූපක් පලකරමින් ඇය මේ බව සදහන් කර තිබුණා. මේ පුවත දැන ගැනීමෙන් පසු ශ්‍රියාගේ රසිකයන් සේම බොලිවූඩයේ ජනප්‍රිය චරිත බොහෝ දෙනෙකුගෙන් ඇයට සුභපැතුම් ගලා එන බවයි. බොලිවුඩ් වාර්ථා සදහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!