වතු කම්කරු වැටුප ඉහළ දැමීමට ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රය මාර්තු මස 5 වන දා සිට වලංගු වේ.
එයට අනුව අවම දෛනික වැටුප රුපියල් 900ක් වන අතර අයවැය සහන දීමනාවක් ලෙස රුපියල් 100ක දීමනාවකට ද වතු කම්කරුවන් හිමිකම් ලබයි.