අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අසාද් සාලි මහතාට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“රජය මේ වෙනුවෙන් නිහඬව නොසිටිය යුතුයි. බොහොම පැහැදිලිව කියන්නේ මෙයා ගැන අපරාධ විමර්ශන අංශය යොදවලා පරීක්ෂණයක් කරලා, මේ වගේ ප්‍රකාශවලට දඬුවම් දෙන්න ඕනේ. එයා අවධාරණය කළේ මුස්ලිම් අය මුස්ලිම් නීතිය යටතේ මේ රටේ කටයුතු කරන්න ඕනේ කියන එක. එහෙම ඉඩදෙන්න බෑනේ. අපි ආදර්ශයට ගන්න ඕනේ රුසියාවේ ජනාධිපති පුටින්. මුස්ලිම් අයට කිව්වා ඔයගොල්ලෝ ආවේ අපි කියලා නෙමෙයි ඔයගොල්ලන්ගේ උවමනාවට මෙහාට ආවනම් මෙහෙ තියෙන නීතිරීතියට සංස්කෘතියට යටත්ව ඉන්න ඕනේ නැත්නම් යන්න පුළුවන්. ඒ වගේ තමයි අසාද් සාලිටත් කියන්න තියෙන්නේ මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න ඒ අයට අයිතියක් නෑ කියන එක. එහෙම බෑ. ඒක වැරදියි. අසාද් සාලි වගේ අය මේ රටේ ජීවත් වුණාට කමක් නෑ. මට කියන්න බෑ ජීවත්වෙන්න එපා කියලා. මේ රටේ ඉපදුන කෙනෙක් නේ. හැබැයි ඒ අයට අවශ්‍ය විදියේ නීති සම්මත කරගෙන ඒවා අනුව කටයුතු කරන්න ඉඩදෙන්න බෑ. ඒක රටට අහිතකරයි. ඒ වගේ කටයුතු කරන්න ගියාම ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න ඉඩ තියෙනවා.“