ප්‍රවාහන ක්ෂේත්රයට මානව සම්පත් සංවර්ධන සැලැස්මක්
මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ කටයුතු සඳහා මානව සම්පත් සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීමට තීරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජාතිත ගමනාගමන කොමිශන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මෙරෙන්ඩා මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍යාංශය, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන 07ක නිලධාරීන් එක්ව එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත් සංවර්ධන වැඩමුලු ආරම්භ කර ඇති බවය.
මෙරට මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් එම සැලැස්ම ක්‍රියාවට නංවන බව ජාතිත ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මෙරෙන්ඩා මහතා සඳහන් කළේය.
“දැනට අවස්ථා දෙකක දී අපි සම්මන්ත්රණ මාලාවක් පැවැත්වුවා. තව ඉදිරියට පවත්වලා මාස 3ක් වගේ කාලයක දී මෙම මානව සම්පත් සංවර්ධනය සැලැස්මක් අපි ප්‍රවාහන ක්ෂේත්රයට හදනවා. මෙහිදී මුලිකත්වය ගන්නේ, රාජ්‍ය අමාත්‍යාංශ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තුමන්ලා හා අතිරේක ලේකම්වරු සහභාගී වෙනවා. ඊට අමතරව සියලුම ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන 7 සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ හා මානව සම්පත් අංශ භාර ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩමුළුව පවත්වන්නේ. මෙයින් බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක සේවයක් ප්‍රවාහන ක්ෂේත්රයට ලබාදෙන්න.“