නිදහස් දිනයට පෙර ඇමරිකාව සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න, ජනපති බයිඩ්න්ගෙන් ඉලක්කයක්
එළඹෙන ජූලි 04 වනදාට යෙදී ඇති ඇමරිකානු නිදහස් දිනයට පෙර රට තුළ සාමාන්‍ය තත්වයක් ඇති කිරීමට හැකිවනු ඇතැයි ජනපති ජෝ බයිඩ්න් විශ්වාසය පළ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය, ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කොට වසරක් ගතවීම නිමිත්තෙන් ජාතිය අමතමින්.
කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ පන්ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට එම වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මැයි 01 වනදාට පෙර ඇමරිකාව පුරා සියලුම වැඩිහිටි පුද්ගලයන්ට කොරෝනා එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
සිය පාලනයේ 100 වන දිනය වනවිට මිලියන 100 කට එන්නත් ලබාදීම තම පළමු ඉලක්කය වූ බව පැවසූ ජනපති බයිඩ්න්, එම ඉලක්කය දින 60 ක් තුළ ළඟාකරගත හැකි බව කියා සිටියා.
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ ඇමරිකානුවන්ට සහන සැළසීම සඳහා සෙනෙට් මණ්ඩලය මගින් අනුමත කළ ඩොලර් ටි්රලියන 1.9 ක මූල්‍ය ප්රතිපාදනයකටද ජනපති බයිඩ්න් ඊයේ අත්සන් තැබුවා.