ජමාතේ ස්ලාම් හිටපු සභාපති අත්අඩංගුවට ගනියි!

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති හාජුල් අක්බාර්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය සහ ජිහාඩ් මතවාදය පැතිරවීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු වයස අවුරුදු 60ක් පමණ වන අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.