ජිනීවා ඡන්ද තුනට කැඩෙයි – විපක්ෂව ඡන්ද 20යි | පක්ෂව ඡන්ද 10යි
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවට ඡන්දය දීමේදී කොමිසමේ සාමාජික රටවල්වල ප්‍රබල බෙදීමක් හටගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව එහි සාමාජික රටවල් 47 මේ වන විට තුනට බෙදී සිටින බව පැවසේ.
මෙයට පෙර ශ්‍රී ලංකාවට පක්ෂව මත ප්‍රකාශ කළ රටවල් ගණනාවක් බටහිර ජාතීන් විසින් ඔවුන්ගේ පැත්තට හරවාගෙන ඇති බවද වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන අංක 46 දරන යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 10ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවද වාර්තා වේ.
ඉතිරි රටවල් 17ම මධ්‍යස්ථව සිටීමට තීන්දු කර ඇති බව පැවසෙන අතර ඉන් ශ්‍රී ලංකාවට විශාල අවාසියක් සිදුවනු ඇතැයි විචාරක මතය වේ.
කෙසේවුවද, ලංකාවට ඇති එකම වාසිය වනුයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් බහුතරය යෝජනාවට පක්ෂ නොවීමය.
මධ්‍යස්ථව සිටින රටවල් 17 සහ ශ්‍රී ලංකාවට පක්ෂ රටවල් 10 ගත් විට එතැන රටවල් 27ක් බැවින් එය සමස්ථ අගයෙන් බහුතරයවීම ලංකාවට වාසියකි.
එහෙත් මෙහි විශේෂය වන්නේ දකුණු ආසියානු කලාපයේ අපේ හිතවත් අසල්වැසියන් වන ජිනීවා ඡන්ද හිමි ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් තුනම මෙම යෝජනාවේදී මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කිරීම බව පැවසේ.
යුරෝපා ප්‍රජාවේ සහ අමෙරිකාවේ දැඩි පීඩනය අපට හිතවත් රටවල් වෙත එල්ලවීම නිසා මෙම තත්ත්වය හටගෙන තිබේ.
ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ එම කොමිසම මේ ආකාරයේ යෝජනාවක් මෙයට පෙර ගෙනැවිත් ඇත්තේ සිරියාව, මියන්මාරය සහ උතුරු කොරියාවට එරෙහිව පමණක් බවය.
කෙසේ වෙතත් මුලින්ම මෙම කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවේ වගන්ති ගණනාවකට ශ්‍රී ලංකාව ප්රමුඛ හිතවත් රටවල් දැඩි විරෝධය දැක්වීම නිසා එම යෝජනා සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරියට සිදුවිය.
ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීම මෙම මස 23දා සිදු කිරීමට නියමිතය.
මූලාශ්‍රය – දේශය