අසාද් සාලිව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා : අමාත්‍ය සරත් වීරසේකර

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු කර තිබෙන ප්‍රකාශය ආගමික අන්තවාදයට අදාළ වන හෙයින් ඔහුව අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමර්ග ගැනීමට නියමිත බවයි වීරසේකර මහතා කියා සිටියේ.

”අසාද් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වන ප්‍රකාශයක්. මොකද ශරියා නීතිය අනුව ක්‍රියාකරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවේ ඉන්න බැහැ. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතිය අනුව තමයි කටයුතු කරන්න ඕනේ. එයා විතරක් නෙවෙයි හැමෝම. කොහොමත් එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන කරුණු විමසලා අවශ්‍ය නීති කටයුතු අපි කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.