බුර්කාව හා ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් තහනම් කිරීමේ නියෝගයක් …..

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ අත්සන් තබා තිබේ.

බුර්කාව ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන දෙයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

”අපි පුංචිකාලේ වුවත් ඕනි තරම් අපි ඒ මුස්ලිම් යාලුවෝ හිටියා. මුස්ලිම් බිහිවූ දරුවෝ හිටියා. කවදාවත් මේ බුර්කාව පැළඳ ගෙන සිටියේ නැහැ. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒ නිසා එක් අපි අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල් , මද්රසා පාසල් තිබෙනවා 2000කට වඩා අපි රටේ” යනුවෙන් හෙතෙම සඳහන් කරයි.

තමන්ට අවශ්‍ය පරිදි පාසලක් විවෘත කර තමන්ට අවශ්‍ය දේ එම පාසලේ දරුවන්ට ඉගැන්වීම කළ නොහැකි අතර අවුරුදු 05 සිට 16 දක්වා සියලු දරුවන්ට ජාතික ප්‍රතිපත්තියක් අනුව අධ්‍යාපන කටයුතු සිදුවන බවයි හෙතෙම පවසන්නේ.

එම නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුව ලියාපදිංචි නොවුණ 1000 කට වඩා පැවති මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා පවසන ලදී.